Menu

ශෝකාන්ත නවකතාවේ ස්වර්ණමය සලකුණු

indika.creator@gmail.com 2 weeks ago 0 0

බොහෝ දෙනෙක් කැමති සුඛාන්තයක් සහිත නිර්මාණ වලට වුනත් ශෝකාන්තයක් ලෙස අවසන් වන නිර්මාණ වලට කැමති රසික පිරිසකුත් සිටින බව අමතක කල නොහැක්කක්.ශෝකී රසයම උත්කර්ෂයට නැගෙන එවැනි නිර්මාණ ලොව වටා විවිධ කලා මාද්‍ය වලින් ප්‍රකාශයට පත් කෙරී තිබෙනවා.මේ එවන් ශෝකාන්ත නවකතා  දහයක් ගැන තොරතුරුයි.

 ව්ලදිමීර්  නබකොව් ගේ ලෝලිටා

1955 වසරේදී ප්‍රකාශයට පත්කෙරුණු මේ නවකතාවේ විශේෂත්වය වුනේ එහි අඛ්‍යන ශේලියයි.හම්බර්ට් හම්බර්ට් නම් මැදිවියේ මහාචාර්ය වරයා සහ 12 හැවිරිදි යවුවනියක වන  ඩොලොරස් හේස්  හෙවත් ‘ලෝලිටා’ අතර ඇති වන අසම්මත ප්‍රේම සම්බන්දයක් ඊට පදනම් වනවා.එම ආදරය සියලු දෙනාගේම විනාශයට හේතු වන අතර හම්බර්ට් අවසානයේදී මිනි මැරුමක් ද සිදුකරන්නේ ආදරයේ අන්ධ බව මානව ප්‍රකට කරමිනුයි.

ලෝලිටා නවකතාව පසුව වේදිකා නාට්‍ය කිහිපයකට මෙන්ම සිනමාවටද නැගුනු අතර,ස්ටැන්ලි කුබ්රික් (1962) සහ එඩ්රියන් ලීන් (1997 ) කල නිර්මාණ ඒ අතුරෙන් කැපී පෙනුනා.ලිංගිකත්වයට නැඹුරු වූ ලාබාල යවුවනියන් හැඳින්වීමට පසුකලක ලෝලිටා යන පදය යොදා ගැනීමත් විශේෂත්වයක්.

කසුඕ ඉෂිගුරෝ ගේ Never Let Me Go

නොබෙල් සම්මාන ලාභී ඉෂිගුරෝ  මෙම නවකතාව රචනා කලේ 2005 වසරේදීයි.ආතර් සී ක්ලාර්ක් සම්මනයඩ් දිනු එය 2005 වසරේ ප්‍රකාශයට පත්වුණු හොදම නවකතාවයි.ලොව හොදම නවකතා 100  අතරටද   time සඟරාව විසින් තෝරා ගනු ලැබූ එය ඒක හුස්මට කියවිය හැකි නවකතාවක් ලෙස සැලකෙනවා.

කැති,රුත් සහ ටොමි යන  අමුතුම පාසලක ඉගෙන ගන්නා ලාබාල මිතුරන් තිදෙනෙකු අතර පවතින වෙනස්ම ආකාරයේ ආදර සම්බන්දතා ගැන කියවෙන එය අවසානයේ ගමන්කරන්නේ ඉතා වේදනාබර අවසානයක් වෙතටයි.මේ නවකතාවේ සාර්ථකත්වය නිසා එය සිනමාවට මෙන්ම රුපවාහිනී මාධ්‍යට ද නැගී තිබෙනවා.

ජේමිස් බෝල්ඩ්වින් ගේ Giovanni’s Room

1956 වසරේදී නිර්මාණය කෙරුණු මෙම නවකතාවට පාදක වන්නේ පැරිසියේ ජිවත් වන ඇමරිකානු ජාතික ඩේවිඩ් නම් තැනැත්තා සහ ඔහුගේ මිතුරන් අතර ඇතිවන සම්බන්දතා සහ ඒ මතින් පැන නැගෙන සිදුවීම් දාමයක්.ඩේවිඩ් ගේ දෘෂ්ටියෙන් ගලා යන එම කතාවේ වැඩි ඉඩක් වෙන් වන්නේ ගියෝවන්නි නම් ඔහුගේ මිතුරා වෙතටයි.

සැම ලිංගික සහ විෂම ලිංගික සම්බන්දතා ගැන විග්‍රහ කෙරෙන Giovanni’s Room මනුෂත්වය සහ ආදරය සම්බන්දව සියුම් සහ භාවාත්මක විවරණයක් අඩංගු නිර්මාණයක් බව විචාරක මතයයි.


 
එඩිත් වර්ටන් ගේ  The House of Mirth

වියැකෙන තාරුණ්‍යත් සමග සමාජ පැවැත්ම උදෙසා අරගලයක යෙදෙන ලිලි බාර්ට් නම් නිව් යෝර්ක් නගරයේ ජිවත්වන තරුණියක් වටා ගෙතී අති මෙම නවකතාව මිනිස් ජිවිතයේ විවිධ සංවේදී භාවයන්  මනාව ස්පර්ෂ කරන්නක් බව විචාරක මතයයි.

1905 වසරේ රචනා කෙරුණු The House of Mirth කාන්තාවකගේඅභ්‍යන්තර මනෝ භාවයන් සියුම්ව විදහා දක්වන ශෝකාන්ත නවකතාවක්.

ජුනොට් ඩයස් ගේ This is How You Lose Her

2012 වසරේ ප්‍රකාශයට පත් කෙරුණු  This is How You Lose Her නවකතාව

යුනියර් නම් තරුණයාගේ ආදර ජීවිතය තේමා කරගනිමින් ගලා යන්නක්.මිට පෙර ජුනොට් නිර්මාණය කල අනෙක් නවකතා දෙක යුනියර්ගේ ජිවිතයේ ළමා සහ තරුණ විය නියෝජනය කල අතර This is How You Lose Her එහි දිගුවක් ලෙස නිර්මාණය කෙරුණා.මෙම කතාව එකිනෙක සමග සම්බන්දවූ කෙටි කතා 9  කින් යුතු වීම විශේෂත්වයයි.

නිකොලස් ස්පාර්ක්ස් ගේ  The Notebook

ඔබ සුප්‍රකට  The Notebook සිනමාපටයනරඹල තියෙනවනම්ඒ අපුරු ආදර කතාව ගැනහොදින් දන්නවා ඇති.ඒ වගේම  The Notebook කතාව ඇසුරෙන් Zindagi Tere Naam  යනුවෙන් බොලිවුඩ් සිනමපටයක්ද නිර්මාණය කෙරුණා.

1996 දි නිර්මාණය කෙරුණු මේ  ආදරණිය නවකතාව නිකොලස් ගේ පළමු ප්‍රකාශිත නව කතාව වීමත් විශේෂත්වයක්.ඔහු විසින් මාස හයකට වැඩි කාලයක් රචනා කල මෙම නවකතාව වෙනුවෙන් ප්‍රකාශකයන් විසින් නිකොලස්ට  ඩොලර් මිලියනයක මුලික ගෙවීමක් කල බවත් සඳහන්.

ක්ලරි මෙසුඩ් ගේ The Woman Upstairs 

ඇමරිකානු සාහිත්‍ය වේදිනි ක්ලරි විසින් රචනා කල මෙම ග්‍රන්ථයද වෙනස් ආදර කතා අතර ප්‍රමුඛ ස්ථානයක් හිමිකරගන්නක්.වර්තමාන ඇමරිකානු ජන ජීවිතය සහ ආදරය ගැන කියවෙන එයට  තේමා වන්නේ නෝරා නම් 37 හැවිරිදි පාසල් ගුරුවරියකගේ චරිතයක්.

සිය අතීත මතකයේ වේදනාවට  සහ අවිනිශ්චිත අනාගතයේ බියකරු බවට මැදිව ජිවත් වන නෝරා මිනිස් මනසේ ගුප්ත ස්වභාවය සහ ආදරය ලැදි බව පිලිබඳ අපුරු නිර්මාණයක් බව විචාරක අදහසයි.

හෙන්රි ජේමිස් ගේ The Wings of the Dove

1902 වසරේදී රචනා කෙරුණු  The Wings of the Dove ගෙතී ඇත්තේ මිලි නම් තරුණියකගේ චරිතය වටායි.

දරුණු රෝගයකින් පිඩා විඳින ඇය මරණය දකිමින් වුවද පරාර්ථකාමී මිනිසත්කම ඉහලට ඔසවා තබන්නේ වේදනා බර හැඟුමක් පාඨකයා වෙත ඉතිරි කරමින්.මෙම කතාව සඳහා ජේමිස් පාදක කරගෙන ඇත්තේ සිය ඥාති සොයුරියකගේ ජිවිත කතාවක්.

සිල්වියා පලත් ගේ  The Bell Jar

සිල්වියා විසින් රචනා කල එකම නවකතාව වන එය අර්ධ  චරිතාප්‍රධනයක් ලෙසටද සැලකෙනවා.මානසික පිඩනයකින් සිටින කාන්තාවකගේ ශෝකී කතන්දරයක් අඩංගු එය  ප්‍රකාශයට පත් කෙරුනේ 1963 වසරේදීයි.

එහි පළමු බ්‍රිතාන්‍ය පිටපත නිකුත්වීමෙන් මසකට පසු සිල්වියා සිය දිවි නසා ගැනීමත් විශේෂත්ව්හය්හක් වුණා.

 

ඇලිසන් මැක්වින් ගේ  Under the Jeweled Sky

වේදනා බර අතීතයක් අමතක කිරීමට යෝජිත විවාහයකට යොමුවන සොෆියා නම් තරුණිය එම විවාහයෙන් අනතුරුව මුහුණ දෙන ඛේදනීය සිදුවීම් දාමයක් මෙම නවකතාවට පදනම් වනවා.ඉන්දියානු සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය ලේඛිකාවක් වන ඇලිසන් සිය අත්දැකීම් තම නිර්මාණ වලට අන්තර්ගත කරන නිර්මාණකාරියක් ලෙස ප්‍රසිද්දියක් උසුලන්නියක්.

Tags
Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *